දෙවන මහලෙන් වැටී රෝගියා මරුට

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු දෙවන මහලෙන් බිමට වැටී අද (31)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක , මීරියගල්ල , කන්දබඩ අංක 218 හි පදිංචි සෙම්බකුට්ටි ආරච්චිලාගේ බන්දුල නැමැති (59) හැවිරිදි  පුද්ගලයෙකි .

මොහු ඉකුත් 29 දා කිසියම් කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට පැමිණ 3 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර පසුව 5 වාට්ටුවට මාරු කර තිබේ.

ඒ අනුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අළුයම 5 පමණ නව ගොඩනැගිල්ලේ දෙවැනි මහලෙන් බිමට වැටී අනතුරකට පත්ව තිබුණි .

පසුව රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශය මැදිහත්ව අනතුරට පත් පුද්ගලයා වාට්ටුවකට ඇතුළත් කොට එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇතැයි  පොලීසිය පවසයි .

අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

සිද්ධිය වූ ස්ථානයට  නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිළධාරීන් පැමිණ  පරීක්ෂණ ආරම්භ කළ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතය .

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන  ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු  මහතාගේ උපදෙස් මත  වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Leave a Reply

Your email address will not be published.