චීනයේ ඉල්ලීම ගැන පරිසරවේදීන් අවධානයෙන්

මෙරටින් රිළවුන් ලක්ෂයක් චීනයට රැගෙනයෑමේ සූදානම ගැන පරිසවේදී සංවිධානයක් අද (12) අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“යම්කිසි සත්ත්වයෙක් යවන්න පුළුවන් සංරක්ෂක කටයුත්තක් සඳහා හෝ සත්ත්වෝද්‍යානයක් වෙනුවෙන් කරන හුවමාරුවක් සඳහා පමණයි.”

“ඒ නිසා මාංශ සඳහා භාවිත කිරීම හෝ විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යම්කිසි සත්ත්ව කොටසක් ලංකාවෙන් අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධි කටයුත්තක්.” 

“චීනය ලංකාවේ රිළවුන්ව ඉල්ලනවා නම් කුමක් සඳහා කොපමණ සංඛ්‍යාවක් ද ඉල්ලන්නේ කියලා පැහැදිලි විස්තරයක් අපේ බලධාරීන් සතුව තිබෙන්න ඕනේ.” 

Leave a Reply

Your email address will not be published.