විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් යහපත් ප්‍රතිචාර

ඉදිරි දින කිහිපය ඇතුළත බෝහෝ දුරට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු  ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවදානය යොමුව ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තම ඉල්ලීම්වලට ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙමින් පවතින බවය.

ඒ අනුව, ඉදිරි දින කිහිපය ඇතුළත තම සංගමයේ සියලුදෙනා රැස්වී සාකච්ඡා කර අවසන් තීරණයක් ගෙන අගයීම් කටයුතුවල නිරත වීම පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්‌ගේ සමිති සම්මේලනය ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේය.

මේ අතර උත්තර පත්‍ර අගයීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කඩිනමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමට පිවර ගන්නා බව සමස්ථ ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළහ.

Leave a Reply

Your email address will not be published.