අවාරයේ සිරිපා කරුණා කිරීම සඳහා දේශීය සංචාරකයින්ට වැට බැඳේ

දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළයුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතා සිවුපාවුන්ට හානි කරන බවය.

“වන සතුන්ටත් ඒ පළාතට එනන් බැරි තත්ත්වයට පත් වුණා අවාරේ මේ මිනිසුන්ගේ ආක්‍රමණය නිසා. ඒ වගේම ඒ ඉන්න හැම සතෙක් වගේම අඩුවුණා. අම්බලම් ටික බොහෝ ම අමාරුවෙන් මේ දිසාපති කාර්යාල මැදිහත්වෙලා අවුරුදු 40කට 50කට පස්සේ නැවත ගොඩනැගුවේ. ඒවත් බෝහෝදුරට විනාශ කළා. යන මිනිස්සු උඩට යන්නේ නැහැ. වන්දනාකාරයෝ උඩට ගියේ නැහැ. වැසිකිළි ටික කඩා බිඳදැම්මා. ජලනල පහසුකම් ටික කඩා බිඳදැම්මා, ගිනි තිබ්බා. වන්දනාවේ ගිය මිනිස්සු නෙමෙයි. ඔය අවාරේ යනවා කියපු මිනිස්සු විතරයි. උඩට ආපු මිනිහෙක් නැහැ. අන්න ඒකයි නතර කරන්න ඕනේ. මේ කට්ටිය යනවනම් මම යෝජනා කරන්නේ දිසාපති කාර්යාලයෙන් අවසර අරගෙන පොලීසියෙන් අවසර අරගෙන ලිඛතව ගත් කෙනෙකුට විතරක් අර අතනින් උඩහට ඇතුළු වෙන්න දුන්නොත් හොඳයි කියලා.”

නමුත් උන්වහන්සේ පවසන්නේ විදේශීය සංචාරකයින් සඳහා බාධා නොකළ යුතු බවය.

Leave a Reply

Your email address will not be published.