දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් 09 හැවිරිදි දැරියක් ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටීමෙන් අද (07) දහවල් එම අනතුර සිදුව ඇති බවය.

මෝටර් රථයේ ගැටුණු වෑන් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබේ.

අනතුරින් වෑන් රථයේ සිටි දැරියක්, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

ඔවුන් එකම පවුලේ සාමාජිකයින් බව ද පොලීසිය සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published.