බෝට්ටු අනතුරකින් 21ක් මරුට

ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ, සිදුවු බෝට්ටු අනතුරකින් 21දෙනෙක් මියගොස් තිබේ.

සංචාරකයින් පිරිසක් රැගත් එම බෝට්ටුවේ ප්‍රමාණයට වඩා සෙනඟ පිරී සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එහි පොලිස් නිලධාරියෙකු පැවසුවේ, බෝට්ටුව ගිලී යන අවස්ථාවේ එහි 50දෙනෙකු පමණ සිට ඇති බවත් නමුත් එහි ධාරිතාව ඇත්තේ 25දෙනෙකුට පමණක් බවත්ය.

Leave a Reply

Your email address will not be published.