රත්ගම, බූස්ස වෙරළ තීරයේ දිය නාමින් සිටි ළමුන් 06 දෙනෙකුගෙන් එක් පිරිමි ළමයෙකු දියේ ගිලී ඇතුරුදන් වී තිබේ.
ඊයේ (07) සවස් කාලයේදී එම සිද්ධිය වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.
එසේ දීයේ ගිලී ඇතුරුදන්ව ඇත්තේ, 14 හැවිරිදි පාවර, බූස්ස ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි.
එම ළමයා සහ තවත් ළමුන් 5දෙනෙකු මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිට පසුව දිය නෑමට ගොස් ඇති අතර එහිදී අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
රත්ගම පොලීසිය, ප්‍රදේශයේ ධීවරයින් හා නාවික හමුදාවේ සහාය ඇතිව දියේ ගිලී අතුරුදන් වූ ළමයා සොයා මෙහෙයුමක් සිදුකරනු ලබයි.