කිරිපිටි මිල අඩුවෙයි ද ?

කිරිපිටි මිල අඩුකිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කිරිපිටි ආනයනයකරුවන් පවසයි.

ඔවුන් පවසන්නේ අදාළ බලධාරීන් සමග සාකච්ඡා පැවතියද අඩුකරන මිල ගණන හෝ දින වකවානු පිළිබඳව නිශ්චිත තීරණයකට නොපැමිණි බවය.

සඳුදා (15) වන විට මිල අඩුකිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද ආනයනකරුවන් පවසයි.

කෙසේවෙතත් වෙළෙඳ අමාත්‍යවරයා ඊයේ (12)  ප්‍රකාශ කළේ කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 200කින් අඩුකිරීමට තීරණය කර ඇති බවය.

මේ අතර, සීනි ආනයනකරුවන්ගේ ගබඩා පරීක්ෂා කිරීමේ කටයුතු අද (13) සිට ආරම්භ කරන ලෙස උපදෙස් ලබාදී ඇති බව නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ සීනි මිල වැඩි කිරීමට පියවර නොගන්නා ලෙස ආනයනකරුවන්ගෙන් ඉල්ලීමක් ද කර ඇති බවය.

Leave a Reply

Your email address will not be published.