ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේලා බැහැදැක තිබේ.

අද (20) පෙරවරුවේ මහනුවරට ගිය ජනාධිපතිවරයා එහිදී මහානායක හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙහිදී ථෙරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එළඹෙන ජපාන සංචාරයේදී මෙය ප්‍රකාශ කිරීමට බලාපොරොත්තුවන බවයි ඔහු පවසා සිටියේ.

Leave a Reply

Your email address will not be published.