සජිත් ප්‍රේමදාසගේ බිරිඳ චමුදිතගෙන් මිලියන දහසක වන්දියක් ඉල්ලයි

යූටියුබ් වැඩසටහනක් හරහා තමා අපකීර්තියට ලක් කලා යැයි චෝදනා කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ප්‍රේමදාස විසින් චමුදිත සමරවික්‍රම ගෙන් රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබේ.

කීර්ති රත්නායක සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් ඇය අපකීර්තියට ලක් කිරීම සම්බන්ධයෙන් ජලනි ප්‍රේමදාසගේ නීතිඥවරයා  මෙම එන්තරවාසිය යොමු කර තිබේ.

එමෙන්ම යුටියුබ් නාලිකාවේ ජලනි ප්‍රේමදාස සම්බන්ධයෙන් ඇතුළත් වැරදි අපහාසාත්මක ප්‍රකාශ විකාශනය කිරීම නවතා ඇයගෙන් ප්‍රසිද්ධියේ සමාව ලබා ගත යුතු බවද එහි සඳහන් වේ.

එලෙසම ඊට අසමත් වන්නේ නම් දින දා හතරක් ඇතුළත රුපියල් බිලියනයක මුදලක් බැංකුවේ තැන්පත් කොට එහි රිසිට් පත ලියාපදිංචි තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් හෝ වට්ස්ඇප් හරහා යොමු කරන ලෙසද ලෙස ද නීතිඥවරයා එන්තරවාසියෙන් දැනුවත් කර තිබේ.

සිවිල් සහ අපරාධ යන දෙඅංශයෙන්ම ක්‍රියාමාර්ග ගන්නා බව සේවාදායිකාව දැනුම් දී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published.