බදු අය කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදුකිරීමට රජය සූදානමින්

බදු අය කිරීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම පිළිබඳව රජයේ අවධානය යොමව තිබේ.

ඒ අනුව, මීට අදාළ වාර්තාවක් මේ වනවිට සකස්කරමින් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

බදු අය කිරීමේ ක්‍රමවේදවල පවතින අඩුපාඩු හේතුවෙන් රජය එම පියවර ගෙන තිබේ.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා එම අදහස් පළකළේය.

Leave a Reply

Your email address will not be published.