අධිකරණ නියෝගයකින් කොටුවේ හෝටල් කිහිපයක් වැසේ

පිටකොටුව ඕල්කට් මාවතේ පවත්වාගෙන ගිය හෝටල් 05 වසා දැමීමට අධිකරණය නියෝග කරයි.

මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පිටකොටුව ඕල්කට් මාවතේ පිහිටි හෝටල් ආශ්‍රිතව විශේෂ පරීක්ෂාවක් සිදුකර ඇත.

ඒ කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ උපදෙස් පරිදිය.

අනතුරුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු මෙලෙස දැඩිලෙස අපිරිසිදු හෝටල් 05ක් වසා දමන ලෙසට අධිකරණය නියෝග කර තිබේ

Leave a Reply

Your email address will not be published.