ජනාධිපතිවරයා අද (23) සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරය ආරම්භ කළේය. මේ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(23) අලුයම 12යි 30ට දිවයිනෙන් පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මුලින්ම සිංගප්පූරුව වෙත ලඟා වන ජනාධිපතිවරයා එරට නීතිය හා ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍යත්‍රාන්ත්‍රිකයින් මුණගැසී සාකච්ඡා කරනු ඇති.
අද අළුයම මලයාසියානු ගුවන් සේවයට අයත් එම්.එච් 178 දරන ගුවන් යානයෙන් ජනාධිපතිවරයාට අමතරව ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ජනාධිපති උපදේශක මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ඇතුලු පිරිසක් දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඔවුන් පළමුවෙන් මලයාසියාවේ ක්වාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
මේ අතර මෙම සංචාරයෙන් පසුව ජනාධිපතිවරයා ඇතුලු ධූත පිරිස ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ආසියාවේ අනාගතය නමැති 28 වන ජාත්‍යන්තර සමුළුවටද සහභාගි වන අතර එය අනිද්දා(25) ආරම්භ වී 26 වනදා අවසන් වේ..
ජපානයේ රැදී සිටින කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂීඩා හමුවන අතර ජපාන විදේශ මුදල් මෙන්ම ඩිජිටල්කරණය පිළිබඳ අමාත්‍යවරුන් සමඟ ද සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.
ජනාධිපතිවරයා ඇතුලු මෙම ධූර පිරිස මේ මස 27 වනදා යලි දිවයිනට පැමිණීමට නියමිතයි.