පිපිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකා හමුදා සාමාජිකයන් පිරිසකට තුවාල

පිපිරීමක් හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අනුබද්ධව මාලි හි සේවයේ නියුතු ශ්‍රී ලාංකික සාම හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

පසුගිය ඉරිදා (21) මාලිහි කිදාල් ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ කඳවුරේ සිට කිලෝ මීටර් 12ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදී මෙම පිපිරීම සිදුකර තිබුණි.

ඔවුන් වෙනත් රථ පෙළකට ආරක්ෂාව සපයමින් සන්නාහ රථයකින් ගමන්කරමින් සිටින විට ප්‍රහාරයකට ගොදුරු වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයෙක් සනාථ කර ඇත.

Leave a Reply

Your email address will not be published.