ආගම්වලට අපහාස කිරීම ආණ්ඩුවේ වැඩක්ද?

ආගම්වලට අපහාස කරන පුද්ගලයන් ආණ්ඩුව ඉදිරියට ගේන්නේ සිතාමතා ද යැයි සැකයක් ඇත බවත් රටේ බහුතරයක් වූ ජනතාව අදහන බුදුදහමට පහර දෙන්නෙම ආණ්ඩුවට ඔන විදියට එදිනදා ප්‍රශ්නවලින් ජනතාවගේ අවධානය වෙනත් අතකට යොමු කිරීමට වියහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) පැවසීය.

ආණ්ඩුවේ සමහර කාරණා වෙනත් පැත්තකට යොමු කරන්න වර්තමාන ආණ්ඩුව දක්‍ෂ බව කී මන්ත්‍රීවරයා පසුගිය සති දෙකම තුන තුළම ජනතාව නිරන්තරයෙන් ෆාස්ටර් ජෙරම්, ෆාර්ටර් චාල්ස් සහ නතාෂා ගැන කථා කළ බව ද සඳහන් කළේය.  

මිනිස්සු බඩු මිල ගැන කථා කිරීම අඩු කරලා ෆාස්ටර් ජෙරම්ට දඩුවම් දෙන විදිය කථා කරන අතරම නතාෂා හිරේ දානවාද යන්න පිළිබඳව ද අවදානයෙන් ජනතාව සිටින බව කී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ ඒ අය කරන ක්‍රියාව හරහා ජනතාව එදිනදා ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම අමතක කර ඇති බවත්ය.

බදුවලට, විදුලිබිලට එරෙහිව සහ ඡන්ද කල්දැමීමට එරෙහිව ජනතාව ක්‍රියානොකරන නිසා ආණ්ඩුවට ඡන්ද කල්දාන්න උදව් කළ කෙනෙක්ට උතුරේ ආණ්ඩුකාරවරයා තනතුර දී ඇති බවත් අරගලයෙන් ජයග්‍රහණය කළේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පමණක් බවත් ඒ මහතා කීය.

අරගලයේ ක්‍රියාකාරිව සිටි වෙනත් කිසිවෙක් ජයග්‍රහණය කර නොමැති බවත් එහි විශාල කාර්යක් කළ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ දරුවෝ ජය නොලැබූ අතර එහි හිටපු කැඳවුකරු වසන්ත මුදලිගේ මාසෙන් මාසට හිරේ යවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.  

මෙරට මෑත ඉතිහාසයේ කිසිදිනක නැති ආකාරයට බරපතල ගණයේ අපරාධ කල්ලි නැවත එළියට පැමිණ ඇති ඇති බව කී ඒ මහතා සඳහන් කළේ  පසුගිය මාසය තුළ වෙඩි තැබීම් 27 කින් පුද්ගලයන් 19 ක් මණයට පත්වී ඇති බවත්ය.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය හෝ ජනාධිපතිවරයාව සිටියදී පාතාලය හිස එසවීම සාමාන්‍ය තත්වයක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා වැඩි දුරටත් කීය.  

‘නිදහස ජනතා සභාව’ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (29) එසේ පැවසීය. 

Leave a Reply

Your email address will not be published.