රාජාංගනයේ හිමි රිමාන්ඩ්

අත්අඩංගුවට ගත් රාජාංගනයේ සද්ධාරතන හිමි ජුනි මස 07 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

ඒ එම හිමියන් අද කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජාංගනයේ සද්ධාරතන හිමි ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත්තේය.

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එම හිමියන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.