පොලිස් කොස්තාපල්ට අලුත් ඩියුටියක්

වියළි ගංජා කිලෝ එකක් අඩංගු පාර්සලයක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයකු කන්තලේ තබලගමුව මත්පැන් අලෙවි සලක් අසල දී  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.

සැකකාර කොස්තාපල්වරයා ගංජ පාර්සලය ප්‍රවාහනය කිරීමට යොදාගත්  ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ත්‍රිරෝද රථය සැකකාර පොලිස් කොස්තාපල්වරයාට අයත් එකක් යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස් නිලධාරියෙක් පැවැසීය.

Leave a Reply

Your email address will not be published.