භාණ්ඩ රැසක මිල සංශෝධනය කිරීමට අවධානය

ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම හේතුවෙන් ඉදිරියේදී ක්ෂේත්‍ර රැසක භාණ්ඩ මිල අඩු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අද (01) කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා, 

“වැඩි වෙනකොට වැඩිකරන වේගයෙන්ම අඩු වෙනකොට අඩු කරන ක්‍රමවේදයක් තිබුණා නම් අපි මෙච්චර මේකට දඟලන්න ඕනේ නැහැ.”

“උද්ධමනය පහළ යෑමේ වාසිය ජනතාවට ලැබෙන්න ඕනේ.”

“වේගයෙන් ඉහළ යන පොහොර මිල සම්බන්ධයෙන් සාකච්ඡා කරලා මිල අඩුකිරීමක් හෝ වැඩිවීම නතර කරගන්න අවශ්‍ය තීන්දුවක් ගන්නවා.” 

“කුකුළු මස් මිල ඉහළයෑම සම්බන්ධයෙන් ද ඉදිරි දින කිහිපයේදී විසඳුමක් ලබාදෙන්න කටයුතු කරනවා.” 

“යකඩ, ටයිල්, ඇලුමීනියම්, වයර් ආදී සමාගම් කැඳවා සාකච්ඡා කරනවා. මිල අඩුකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන්.”

“ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නැවත පිඹිදීමක් සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.”

“සිමෙන්ති කොට්ටයක සිල්ලර මිල රුපියල් 300කින් පමණ මිල අඩුවීමක් අපේක්ෂා කරනවා.” 

“අපිට පුළුවන් නියාමනය කරන්න විතරයි. අපි අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න ගියොත් අනිසි ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා වෙළෙඳපොල කටයුතුවලදී පරිස්සමින් කටයුතු කරන්න ඕනේ.”

“ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශය යටතට ආයතන 11ක් හෝ 12ක් පත්කර තිබෙනවා. රටේ ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් අපි අයින් වියයුතු ව්‍යාපාර තිබෙනවා. ඒවා පෞද්ගලීකරණයක් හෝ මිශ්‍ර සංවර්ධන වැඩපිළිවෙලකට යන්න ඕනේ. ඒ ඒ ආයතනවලට සරිලන වැඩපිළිවෙලක් ජනාධිපතිවරයා සකස් කරයි.”

Leave a Reply

Your email address will not be published.