ඉන්ධන බෙදාහැරීම ගැන නිවේදනයක්

හෙට (04) දිනය වන විට සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ලැබෙනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට අයත් බවුසර් මගින් ඉන්ධන බෙදාහැරීම මේ වනවිට අඛණ්ඩව සිදුකරන බවය.

කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල් 121ක් මැයි මස 27සිට 31 දක්වා කාලය තුළ කිසිදු ඇණවුමක් සිදුකර නොමැති බවට තොරතුරු අණාවරනය වී ඇති බවද අමාත්‍යවරයේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.

එමෙන්ම බොහෝ ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වා ගැනීමට ද ප්‍රමාණවත් ඇණවුම් ලබාදී නොමැති බවද දත්ත සමාලෝචනයේ දී පෙනී යන බව අමාත්‍යවරයා පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 50%ක අවම තොග පවත්වා ගැනීම අත්‍යවශය වෙයි.

කෙසේවෙතත් ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර සම්බන්ධයෙන් ද ඉදිරියේ දී තීරණයක් ගන්නා බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.