රාජ්‍ය ඇමැති ඩයනා ජනපතිට ගතු කියයි

කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට ඉඩ නොදෙන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉකුත් දා ප්‍රකාශ කර ඇත.

කැබිනට් අමාත්‍යවරුන්ගේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින්ගේ විශේෂ හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී ඉකුත් සදුදා පැවති අතර, ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩ කිරීමට කැබිනට් අමාත්‍යවරුන් එම අමාත්‍යාංශ වල විෂයන් බෙදා දී නොමැති බවද ඇය එහිදී ප්‍රකාශ කර ඇත.

තමාට පමණක් නොව ,ආණ්ඩුවේ සිටින රාජ්‍ය අමාත්‍යවරුන් බහුතරයකට මේ ඉරණමට මුහුණදීමට සිදුව ඇතැයි ද ඇය පවසා ඇත.

ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය එම ප්‍රකාශය කරද්දී,සංචාරක විෂය භාර කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද එම සාකච්ඡාවේ සිට ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published.