ලොරි ට්‍රැක්ටර් අනතුරින් කාන්තාවක් මරුට

රත්නපුර, ලෙල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් අත් ට්‍රැක්ටරයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ.

එම බස් රථයක් කූරගල වන්දනාවේ ගොස් ආපසු එමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් ඉදිරියෙන් ගමන් ගත් අත් ට්‍රැක්ටරයක ගැටී එම අනතුර සිදුව තිබුණි.

අනතුරින් අත් ට්‍රැක්ටරයේ ගමන් කළ 53 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

මේ අතර අත්ට්‍රැක්ටරයේ ගමන් කළ පුද්ගලයින් 07දෙනෙකු සහ කුඩා දරුවෙකු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම මින්නේරිය බටුඔය ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 19 හැවිරිදි යතුරුපැදිකරු සහ 25 හැවිරිදි පසු පැදිකරු මියගොස් තිබේ.

කුලියාපිටිය, කරගහගෙදර ප්‍රදේශයේදී ජිප් රථයක්, ත්‍රිරෝද රථයක, යතුරු පැදියක සහ විදුලි රැහැන් කණුවක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ පසුපස ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එමෙන්ම නාඋල අරංගල ප්‍රදේශයේදී ද යතුරුපැදියක් සහ බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 30 හැවිරිදි යතුරුපැදිකරුවෙකු මියගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published.