බූරුමුණා අද අධිකරණයට

රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරුමූණා’ නැමැත්තාව අද (19) යළිත් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී සැකකරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය 14 වෙනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය ඔහුව රඳවාගෙන මාස තුනක කාලයක් විමර්ශන සිදුකිරීමෙන් අනතුරුවය.

‘බූරුමූණා’ හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන 13කට අවශ්‍යව සිටි අයෙකි.

Leave a Reply

Your email address will not be published.