යුරියා පොහොර ගැන අමාත්‍යංශයෙන් නිවේදනයක්

ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අවශ්‍ය තරම් යුරියා පොහොර ලබා දී ඇති බව බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
 
දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවලට, අමතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 5,100ක් ද ලැබීමට සළස්වා ඇති අතර අද (19) දිනය තුළ තවත් යුරියා මෙට්‍රික් ටොන් 1,000ක් බෙදා හැරීමට ද කටයුතු යොදා ඇති බව වාර්තා වේ.
  
කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයක යුරියා පොහොර නොමැති නම් 077 551 0674 යන අංකයෙන් කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අලෙවි කළමනාකාරතුමා ඇමතීමෙන් සහ 077 444 1417 යන අංකයෙන් ලංකා පොහොර සමාගමේ බෙදාහැරීම් කළමනාකාරතුමා ඇමතීමෙන් තොරතුරු විමසිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
 

Leave a Reply

Your email address will not be published.