දෙදෙනෙක්ව රෝහලට යැවූ බස් අනතුර

පානදුර – නුගේගොඩ මාර්ගයේ ගමන්ගන්නා බස් රථයක් මොරටුව පොලීසිය අසල ඇති බස්නැවතුම්පොළක සහ ට්‍රාන්ස්පෝමරයක් සහිත විදුලි කණුවක ගැටී තිබේ.

අද (19) දහවල් 2.30ට පමණ එම අනතුර සිදුව ඇත.

බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහීම හේතුවෙන් එම අනතුර සිදුව තිබුණි.

එම අනතුරින් ට්‍රාන්ස්ෆෝමරයට සහ බස් නැවතුම්පොළට දැඩි හානි සිදුවී ඇති අතර බස් රථයේ කොන්දොස්තර සහ බස් නැවතුම්පොළේ සිටි කාන්තාවක් සුළු තුවාල සහිතව රෝහල් ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොරටුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.