කැනේඩියානු අගමැතිගේ ප්‍රකාශයට විරුද්ධව මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

කැනඩාවේ පාර්ලිමේන්තුව විසින් යෝජනා කර ඔවුන් විසින්ම සම්මත කර ගනු ලැබූ දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය (මැයි 18) වෙනුවෙන් කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නිකුත් කළ නිවේදනයට විරුද්ධව ජාතිය ගොඩනැගීම හා සංහිඳියාව උදෙසා වූ ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද (23) දින විරෝධතාවයක් පවත්වන ලදි.

එහිදි ඔවුන් පැවසුවේ “කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ මහතා විසින් මැයි 18 යනු දෙමළ ජන සංහාරයක් සිදු කල දිනයක් බවත්, වසර 14කට පෙර දෙමළ ජනයා දහස් ගණනකට දිවි අහිමි වූ බවත්, මුල්ලිවයික්කාල් ඝාතන එයට නිදසුන් බව පෙන්වා දෙමින් සාවද්‍ය, අසත්‍ය, අන්තවාදී, අයුක්ති සහගත මෙන්ම අභූත චෝදනාවක් එල්ල කරනු ලැබූ අතර, එය සංවිධානයක් වශයෙන් මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි”

තවද එම සංගමය විසින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ යෝජනාවට විරුද්ධව කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් භාර දී ඇත.

Leave a Reply

Your email address will not be published.