කැනේඩියානු අගමැතිගේ ප්‍රකාශයට එරෙහිව නැගෙනහිර හා උතුරුමැද පළාත් වල හර් තාල් සහ විරෝධතා

කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන හා ඕටමාවඩි යන නගරවල කඩ සාප්පු වසා හර් තාලයක් හා අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වල විරෝධතා ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කළේය.

එල්ටීටීඊ ඩයස්පෝරාව මානව හිමිකම් කවුන්සලය වෙත ඉදිරිපත් කර තිබෙන කරුණු සහ කැනඩා රජය ලක් රජයට සිදුකරන අනවශ්‍ය අතපෙවීම්වලටත් විරෝධය පළ කරමින් එම නගරවල වෙළඳසල් 300 කට ආසන්න ප්‍රමාණයක් වසා, කළුකොඩි ඔසවා එම ප්‍රකාශවලට විරෝධය පළ කරමින් මෙම විරෝධය සංවිධානය කර තිබුණි.

කල්කුඩා පීපල්ස් යන සංවිධානය මඟින් එම වසා ඇති වෙළඳසැල් ඉදිරිපිට අත් පත්‍රිකාවක්ද දමා ගොස් ඇති බවත්, මේ වනවිට ඕටමාවඩි හා වාලච්චේන නගර පුරා කළු කොඩි ඔසවා සම්පුර්ණයෙන්ම වෙළෙඳසල් වසා ඇති බව වාලච්චේන පොලිස් ස්ථානාධිපතිගෙන් මාධ්‍ය කළ විමසීමකදී සඳහන් කළේය.

කැනඩා රජය මගින් ලෝකය හමුවේ ශ්‍රී ලංකාවට සිදු කරන අහිතකර බලපෑම්, නතර කරන ලෙසත්, එල්ටීටීඊ ,ඩයස්පෝරාව මගින් ශ්‍රී ලංකාවට සිදුකරන විවිධ අඩත්තේටම් සහ බලපෑම් නතර කිරීමට කටයුතු කරන ලෙසත්, ‍ශ්‍රී ලංකාව සියලු ජනතාවට යුද සමයේදී සේම වර්තමානයේදී මානව හිමිකම් ආරක්ෂා කරමින්, සිංහල, දමිල, මුස්ලිම්, ජනතාවට එකසේ සලකන රටක් බවත්, එම පත්‍රිකාවල සඳහන් වන බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published.