පොලීසියෙන් සැකකරුවෙකුට වෙඩි

ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තුවාල වූ සැකකරුවෙකු ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

තවත් පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් සැකකරුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්තාවේදී ඔහු තියුණු ආයුධයකින් පොලිස් නිලධාරීන්ට පහර දී තිබේ.

එය වැළැක්වීම සඳහා පොලිස් නිලධාරීන් විසින් සැකකරුගේ පාදයට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

සැකකරු 26 හැවිරිදී පුද්ගයෙකු බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.