බෘෘනෝ CIDයට

නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බෘෘනෝ දිවාකර නමැත්තා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (28) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණි.

සිදුකෙරෙමින් පවතින විමර්ශනයකට අදාළව ඔහුට එම කැඳවීම සිදුකර ඇත.

ප්‍රකාශයක් දීමට පැමිණෙන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් බෘෘනෝ දිවාකර පවසා සිටියේ, “කාටහරි ලොකු උවමනාවක් තියෙනවා අපේ කටවල් වහන්න…ඒ අයගේ උත්සාහය මේක නම් අපිත් උත්සාහ කරනවා මේ සියලු බාධක අස්සේ අපේ වැඩ ටික කරගෙන යන්න…” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published.