විශේෂඥ වෛද්‍යවරුන්‌ගේ විශ්‍රාම වයස ගැන තීරණය අධිකරණයට

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට අදාළ සෞඛ්‍ය අමාත්‍යංශයේ තීරණය අද (28) මෝසමක් මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම් දුනි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මේ බව තහවුරු කරමින් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකළේය.

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීරණයකට යටත්ව වයස අවුරුදු 63  දක්වා රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ට සේවා කාලය දීර්ඝ වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය මෝසම මඟින් සඳහන් කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර වෛද්‍යවරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තම සේවාදායකයින් සෑහීමට පත්වන බවයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි තවත් ජනාධිපති නීතිඥවරෙකු වන රොමේෂ් ද සිල්වා මහතා මහතා සඳහන් කළේ, මෙම තීරණය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත නොකළහොත් ගැටලුවක් මතුවිය හැකි බැවින් පෙත්සම යළි කැඳවීමට දිනයක් ලබා දෙන ලෙසය.

පෙත්සම යළි සැප්තැම්බර් මස 01 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණි.

Leave a Reply

Your email address will not be published.