සයිමා නමැත්තාගේ ගෝලයෙක් අත්අඩංගුවට

මහපරිමණ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකු වන ‘සයිමා’ නමැත්තාගේ ගෝලයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.

රත්මලාන දුම්රිය හරස් මාර්ගය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීමකදී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 15ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 211,000ක මුදලක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර තිබේ.

මෙම පුද්ගලයා දෙහිවල, ගල්කිස්ස, රත්මලාන යන ප්‍රදේශවල මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවනු ලබන “සයිමා” නමැත්තාගේ සමීපතමයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

එම සැකකරු 43 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

ඔහු වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

Leave a Reply

Your email address will not be published.