පාසල් සිසුවාට පහරදුන් පොලිස් සැරයන්වරියට ඇප

කඹුරුපිටිය ප්‍රදේශයේදී ඉකුත් 20 වන දින පාසල නිමවී නිවස බලා ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු පැහැරගෙන ගොස් පහරදිමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරිය ඇප මත මුදාහැර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, සැකකාරිය අත්අඩංගුවට ගෙන මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.

පාසල් සිසුවකු සිය කාර් රථයට නංවාගෙන ගොස් තම දියණිය සමග ඇති ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස පොලිස් නිලධාරිනියක් සමග පිරිසක් තර්ජනය කර පහරදීම හේතුවෙන් 15 හැවිරිදි සිසුවෙකු පසුගිය දා කඹුරුපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිනිය කඹුරුපිටිය පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරියක් වන අතර ඒ අනුව ඇයව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.

පාසල් සිසුවාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මාතර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩල වීරසිංහ මහතාගේ උපදෙස් මත මාතර සහකාර පොලිස් අධිකාරී මහේෂ් පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.