පින්වත් සැදැහැවතුන්ට කෙරෙන ආයාචනයක්

භික්ෂුන් වහන්සේ වෙනුවෙන් දානයවත් පිළියෙල කරගත නොහැකි විහාරස්ථානයක් සහ පිරිවෙනක් පිළිබඳව මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ. 

අදවන් පොහෝ දිනක මේ අනාවරණය ඒ පිළිබඳවයි.

මුලතිව් දිස්ත්‍රික්කයට මායිම්ව පිහිටි වැලිඹය කිරිඉබ්බන්වැව ශ්‍රී ධර්මප්‍රණීතාරාම විහාරස්ථානය සහ සිරි තිලකමිත්‍ර පිරිවෙන මුලතිව්වලට ඇති එකම පිරිවෙනයි. 
             
පසුගිය යුද සමයේදී මෙම පිරිවෙන අඛණ්ඩව පවත්වා ගෙන ගියේ මෙරට ශාසනය වෙනුවෙන් කැපවී සිටින භික්ෂුන් වහන්සේ අකුරු කරන ස්ථානයක් නිසාවෙනි. 

අද  වන විට මෙහි භික්ෂුන් වහන්සේ 25 නමක් මෙහි අධ්‍යාපනය ලබයි.

වැලිඔය කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ දායකයින් මෙම පිරිවෙනේ භික්ෂුන් වහන්සේට දන්පැනින් සත්කාර කලද අද වන විට ඊට පවතින ආර්ථීක අර්බුදය හරස් වෙලා. 

පිරිවෙනෙහි විදුලි බිලද රුපියල් 40,000 ඉක්මවන්නේද නිරන්තරයෙන් පැමිණෙන වනඅලීන්ගෙන් ආරක්ෂා වීමට විදුලි පහන් රාත්‍රිය පුරාම දල්වා තැබීම හේතුවෙන් බව දායක සභාව පවසයි.  

ස්ථිර රැකියාවක් නොමැති එදා වේල පිරිමහා ගන්නට නොහැකි මේ ගම්වැසියන් පවසන්නේ භික්ෂුන් 25 නමකට දන්පැන් සකස් කරමින් ඔවුන්ගේ අවශ්‍යයතා ඉටු කිරීම අද වෙනවිට තමන්ට අභියෝගයක් බවය. 

එහෙත් කෙසේ හෝ පිරිවෙන රැකගැනීම දායක සභාවේ අරමුණයි.‍

අදවන් උතුම් පෝදිනක මේ දායකයින් ඉල්ලා සිටින්නේ පිරිවෙන් විහාරස්ථානයේ මුලුතැන්ගෙයට වියළි සළකා හෝ  ලැබෙන්නේනම් දානය පිළියෙල කරදීමට ගම්වැසියන්ට හැකි බවයි.

පිංකැමති ඔබට යමක් කළ හැකිනම් මෙම දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

ලොකු හාමුදුරුවෝ – 715129998

Leave a Reply

Your email address will not be published.