කඩ කෑමවල මිල ගණන් වෙනස් වෙයි ?

ගෑස් මිල අඩුකිරීමත් සමඟ ආපනශාලා ආහාරවල මිල ගණන්ද අඩුකළ යුතු බව පාරිභෝගිකයින් පවසයි.

මේ අතර ගෑස් මිලට සාපේක්ෂව ආහාර පානවල අඩු කෙරෙන මිල ගණන් සම්බන්ධයෙන් හෙට (05) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසීය.

ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා,

“වෙළෙඳ ඇමතිවරයා තීරණය කරලා තියෙනවා ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය කිරීම අනිවාර්යය කරන්න. අපි ඒ ගැන සතුටු වෙනවා. හෙට දිනයේ සිට මේ රටේ ආහාරපානවල අඩුවෙන මිල ගණන් අපි අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරනවා. “

ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති එන්.පී.කේ. වලිගසිංහ මහතා,

“ආපන ශාලා සංගමයේ සභාපති කියන එක ආපන ශාලාවලින් පිළිගන්නේ නැහැ. බේකරිහිමියන්ගේ සභාපතිත් කියනවා එයා කිව්වට කෑම මිල අඩු කළේ නැහැ කියලා. එහෙනම් මොකටද ඔය තනතුරුවල ඉන්නේ”

අද (04) මිල සංශෝධනයේදී කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 204කින් පහළ දැමුනු අතර එහි නව මිල වන්නේ රුපියල් 2,982කි.

රුපියල් 1,281 ක්ව පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 83 කින් පහළ දැමෙන අතර එහි නව මිල රුපියල් 1,198ක් වෙයි.

එමෙන්ම රුපියල් 598 ක්ව පැවති කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 37 කින් පහළ දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ රුපියල් 561 ක් ලෙසය.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ආකාරයේ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් අඩු කෙරෙන බව එම සමාගම නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.