කුඩු සළිඳුගේ ගෝලයෙක් ගිනි අවියක් සමග කොටුවෙයි

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවන පානදුර මොරවින්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මනුෂ්‍ය ඝාන්ත හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පානදුර හිරණ ප්‍රදේශයේ විහාරස්ථානයක් අසළ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී 9 MM වර්ගයේ ගිනි අවියක් සහ එම අවියට යොදාගන්න පතොරම් ගැබක් පොලීසිය විසින් සිය භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇත.

පොලීසිය සැකපළ කරන්නේ අදාළ ගිනි අවිය කුඩු සළිඳු විසින් සිය අපරාධ සඳහා භාවිත කරන්නට ඇති බවටය.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published.