විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින් දෙපැත්තට බෙදී බැන ගන්නා බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන් හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බව පැවසූ අමාත්‍යවරයා මෙය තනිකරම විහිළුවක් බවද සඳහන් කළේය.
කිසිම තොරතුරක් නැතුව මිනිස්සුන්ට හොරු හොරු යැයි පැවසීම නියම හොරුන්ට කරන ලොකුම සේවය බවද ඔහු පැවසුවේය.
අලි සබ්රි මහතා මෙසේ පැවසූවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.