දුම්රිය හරස් මාර්ගයක් ගැන දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අළුත්ගම දුම්රිය ස්ථාන අතර සැතපුම් කණුව 35 අසල මස්සල පාර දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් හෙට (08) දිනයේ වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ඒ අනුව, හෙට පෙරවරු 07.00 සිට පස්වරු 05.00 දක්වා එම දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට සිදුවන බව දන්වා ඇත.

මෙම මාර්ගය වසා තබන කාලය තුල එම මාර්ගය හරහා ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව දනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published.