කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපර් සික්ස් වටයේ අවසාන තරගය අද (07) පැවැත්වෙයි.

ඒ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතරය.

මෙම තරගයේ ප්‍රතිඵලය 2023 ලෝක කුසලාන තරගාවලිය සඳහා බල නොපායි. 

ඒ මේ වනවිටත් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඒ සඳහා සුදුසුකම් ලබා අවසාන නිසා ය.

හරාරේ හි පැවැත්වෙන තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු යැවීමට ය.

මෙම තරගය සඳහා සහන් ආරච්චි සහ දුශාන් හෙමන්ත ව කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.

වනිඳු හසරංග ව සහ ධනංජය ද සිල්වා මෙම තරගය සඳහා විවේක ගන්වා තිබුණි.

Leave a Reply

Your email address will not be published.