පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියට දැනට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 21 වනදා දක්වා යළි රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
කළුතර ප්‍රධාන මහෙස්ත්‍රාත් නීතා හේමාලී හාල්පාන්දෙනිය මහත්මිය අද (07) එම නියෝගය සිදු කලාය.
කළුතර නගරයේ ලැගුම්හලක පස්මහල් ගොඩනැගිල්ලක කාමරයක් තුළ ජනේලයකින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මැයි 06 වනදා එලෙස මියගොස් තිබුණි.
දැරිය පස්මහල් ගොඩනැගිල්ලෙන් ඇදවැටෙන මොහොතේ ඇය සමග කාමරයේ සිටී බව කියන ප්‍රධාන සැකකරු, ඇය හෝටලයට කැටුව ගිය බව කියන සැකකරුවන් වන කළුතර උතුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයා සහ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණිය මෙසේ රිමාන්ඩ් කර තිබේ.
මේ අතර කළුතර ප්‍රදේශයේ උපකාරක පංතිවලට සහභාගීවූ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට චෝදනා එල්ලවී සිටි සැකකරුව ද යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඒ ලබන 21 වනදා දක්වා ය.


