කළුතර වෙරළ තීරයෙන් කාන්තා සිරුරකුත් හමුවෙයි

කාන්තාවකගේ මළසිරුරක් අද (28) පෙරවරුවේ කළුතර උතුර වෙරළ තීරයේ තිබියදී ප්‍රදේශවාසීන් විසින් සොයා ගෙන තිබේ.

ඇය, ඊයේ (27) වෙරළට ගොඩගසා තිබූ දැරියගේ මව ද යන්න සොයා විමර්ශන ක්‍රියාත්මකය.

ඊයේ පස්වරුවේ කුඩා දැරියකගේ මළසිරුරක් කළුතර උතුර වෙරළ තීරයේ තිබී සොයාගැනුණි.

මේ අතර හල්කඳවිල ප්‍රදේශයේ මවක් සහ දියණියක් අතුරුදන්වී ඇති බවට මීට දින කිහිපයකට පෙර පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව අදාළ සිද්ධීන් දෙක සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය විමර්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.