තවත් කුරිරු ඝාතනයක්

බිබිල වෑගල ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී ඝාතනයට ලක් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (10) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා එම ප්‍රදේශයේම පදිංචිව සිටින තවත් පුද්ගලයෙකු සමග මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස් වීමක් අතරතුර දී අනෙක් පුද්ගලයා විසින් යකඩ මොහුට පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු 35 හැවිරිදි වෑගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

Leave a Reply

Your email address will not be published.