තවත් මගියෙක් දුම්රියෙන් ඇදවැටෙයි

කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා අද (12) පස්වරුවේ ධාවනය කෙරුණු දුම්රියකින් බුළුගහගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී මගියෙකු ඇදවැටී තුවාල ලබා තිබේ.

දුම්රිය ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා පැවසුවේ තදබදය හේතුවෙන් දුම්රිය මගීන් පාපුවරුව මත ගමන් කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බවය.

දුම්රියෙන් වැටී තුවාල ලැබූ මගියා රෝහල්ගත කර තිබේ.

ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය දියත් කළ දුම්රිය වැඩවර්ජනයෙන් මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට ද අද ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණි.

ඔහු මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නේ දුම්රිය තුළ ඇතිවූ දැඩි මගී තදබදය හේතුවෙන් දුම්රිය වහලය මත ගමන් කිරීමේදීය. 

එලෙස මහනුවර සිට කොළඹ බලා පැමිණි සීඝ්‍රගාමී දුම්රියේ වහලය මත පැමිණි තරුණයෙකු මෙලෙස  ඇදවැටී සිය අවසන් හුස්ම හෙලීමට සිදුවිය. 

ඒ හොරපෙ දුම්රිය ස්ථානය ආසන්නයේදීය.

Leave a Reply

Your email address will not be published.