චැනල් 4 නාලිකාව මාව මුලා කළා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විකාශය කළ මතභේදාත්මක වීඩියෝ පටය සඳහා චැනල් 4 නාලිකාව තමන්ගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගත්තේ තමන්ව මුලා කරමින් බව හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතා පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවද ඔවුන් විසින් විකෘති කිරීමට ලක්කර ඇති බවය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මතභේදාත්මක කරුණු රැගත් SRI LANKA’S EASTER BOMBINGS ; DISPATCHES නම් විඩියෝ පටය බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාළිකාව විකාශය කළේ ඉකුත් සැප්තැම්බර් 05 වනදාය.

එම ප්‍රහාරය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පැවති බවත් ඊට රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් පැවති බවටත් හැඟවෙන ආකාරයේ ප්‍රකාශ ඇතුළත්ව තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනකු මූලාශ්‍ර ලෙස යොදාගෙන තිබුණි.

ඒ අතර සිටි හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරී සරත් කෝන්ගහගේ මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ලබාදුන් ප්‍රකාශය ගැන කරුණු පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published.