බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් තාවකාලිකව එම කටයුතු නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවනු ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 26 වනදා සිට කල් ඉකුත්වන වාහන ආදායම් බලපත්‍ර ඔක්තෝබර් මස 10 වනදා දක්වා දඩ මුදල් ගෙවීමකින් තොරව නැවත ලබාගැනීමට හැකියාව පවතී.

මේ අතර www.motortraffic.wp.gov.lk යන වෙබ් අඩවියට පිවිසීම මගින් මාර්ගගත ක්‍රමය යටතේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සැප්තැම්බර් මස 24 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්තෝබර් මස 06 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.

Leave a Reply

Your email address will not be published.