බොර තෙල් මිල ඉහළ ට

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ.

විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි.

විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි.

නමුත් ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණකි.

මේ තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණි.

එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published.