ඊශ්‍රායල – පලස්තීන මරණ ගැන හෙළිදරව්වක්

හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසයි.

එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව පැවසීය.

ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බව ඔහු පවසයි.

මේ අතර සෙනසුරාදා සිට මේ දක්වා ඇතිවූ සිද්ධීන් වලින් දෙපාර්ශ්වයේම 1,100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

එතෙක් මෙතෙක් ඊශ්‍රායලයට එල්ලකළ දරුණුතම පලස්තීන ප්‍රහාරය ලෙස මෙය සැලකෙන අතර ඉන් ඊශ්‍රායල ජාතිකයින් 700කට අධික පිරිසක් මියගොස් තිබේ.      

එසේම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ මරණ ගණන ද 400 ආසන්නය.

Leave a Reply

Your email address will not be published.