ඊශ්‍රායල – පලස්තීන ගැටුම් උග්‍ර අතට

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ.

මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් මියාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර පලස්තීනයේ මරණ 413ක් පමණ සිදුව ඇත. 

මේ අතර මෙම ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ රැඳී සිටි නේපාල සිසුන් 10 දෙනෙකු ද මියගොස් ඇති බව නේපාල රජය තහවුරු කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.