ඇෆ්ගනිස්තාන – එංගලන්ත තරගය අද

2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ඇෆ්ගනිස්තානය හා එංගලන්තය අතර තරගය අද (15) දිල්ලිහි දී පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

මෙහි දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හෂ්මතුල්ලා ශහිඩි විසින් හා එංගලන්ත කණ්ඩායම ජොස් බට්ලර් විසින් මෙහෙයවනු ඇත.

දෙරට අතර අවසන් වරට පැවති එක්දින තරග දෙකම එංගලන්තය ජයගෙන ඇති අතර, ඇෆ්ගනිස්තානය මෙවර ලෝක කුසලානයේ තමන් සහභාගි වූ තරග දෙකම පරාජයට පත් විය.

එංගලන්තය තමන් සහභාගි වූ තරග දෙකෙන් එකක් ජයගෙන ඇති අතර, නවසීලන්තය හමුවේ තරගයෙන් පරාජය විය.

Leave a Reply

Your email address will not be published.