ඊශ්‍රායල – හමාස් ගැටුම අමෙරිකාවටත් පැතිරෙයි

හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල හමුදා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් වෛරය පිරිමහ ගැනීම සඳහා විවිධාකරයේ පහරදීම සහ ඝාතන වෙනත් රටවල් වලින්ද වාර්තා වෙයි.

ඊට ආසන්නතම සිදුවීම පසුගිය සෙනසුරාදා වාර්තා විය.

ඒ අමෙරිකවෙනි.

එහිදී 71 හැවිරිදි පුද්ගලයෙක් විසින් 6 හැවිරිදි පලස්තීන – අමෙරිකානු දරුවෙක් ට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබුණි.

එම දරුවාගේ මව මේ වනවිට බරපතළ තුවාල සහිතව රෝහල්ගත කර තිබේ.

එම දරුවාගේ සිරුරෙහි පිහි ඇනුම් තුවාල 26ක් තිබී ඇති අතර මවට ද 12 වතාවකට වඩා පිහියෙන් ඇන තිබූ බව ෂෙරිෆ් පැවසීය.

Leave a Reply

Your email address will not be published.