පාසල් සිසුවියකට ලිංගික අතවරයක් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විදුහලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අතවරයට ලක්ව ඇති බවට පැවසෙන්නේ ප්‍රාථමික විද්‍යාලයක 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ මව්පියන් විසින් පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව අදාළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
පසුගිය 06 වනදා පාසලේදී එම සිසුවිය සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ අතවරයට ලක්ව ඇති බවට අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.