කාසල් රෝහලෙන් සය නිවුන් දරු උපතක්

කොළඹ, කාසල් වීදියේ කාන්තා රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී තිබේ.

එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා සඳහන් කළේ, බිලිඳුන් සයදෙනාම මේ මොහොතේ ළදරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවය.

එම බිලිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත් එක් අයෙක් කොළඹ ජාතික ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.